එක්සත් ජනපදයේ, මොල්සන් කූර්ස් බීර නිෂ්පාදන කම්හලේ ඊයේ (26දා) සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි..
විස්කොන්සින් ප්‍රාන්තයේ, මිල්වෞකි හි නගරාධිපති ටොම් බැරට් වාර්තාකරුවන්ට පැවසුවේ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ඇතුළු පිරිසක් මිය ගොස් ඇති බවයි.
"මෙහි සේවකයින්ට එය අතිශය ඛේදනීය දවසක්" බැරට් පැවසීය. "ඕනෑම කෙනෙකු ඉතා රළු අවස්ථාවකට මුහුණ දෙනවා කියන්නෙ මෙවැනි අවස්ථාවක්." හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මේ අතර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් බොහෝ දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
"මගේ කතාව ඇරඹීඹට පෙර, විස්කොන්සින් හි මිල්වෞකි ඛේදනීය ඉරණමට ලක්වූවන්ට සහ ඔවුන්ගේ පවුලේ ඥාතීන්ට මගේ ගැඹුරු ශෝකය ප්‍රකාශ කිරීමට කැමතියි. දුෂ්ට ඝාතකයෙකු මොල්සන්-කුවර්ස් බීර නිෂ්පාදන සමාගම් කම්හලකට වෙඩි තබා ජීවිත පහක් බිලිගෙන තිබෙනවා. ඒ වගේම තවත් පිරිසක් දරුණු ලෙස තුවාල ලබලා." යැයි ධවල මන්දිරයේ පැවති කොරෝනා වෛරසය සම්බන්ධ මාධ්‍ය සාකච්ඡාවකදී ට්‍රම්ප් පවසා සිටියේය.