සාගර දූෂණය වැළැක්වීමේ පියවරක් ලෙස එක්වරක් පමණක් භාවිතයට ගැනෙන ප්ලාස්ටික් නිෂ්පාදනය තහනම් කිරීමේ ඡන්ද විමසීමකට යුරෝපා පාර්ලිමේන්තුවේ කැමැත්ත පළ වී තිබේ.
ඒ අනුව, ප්ලාස්ටික් පිඟන්, කොට්න් බඩ්ස්, බීම බට ආදී වශයෙන් ප්ලාස්ටික්වලින් නිෂ්පාදනය කෙරෙන නිෂ්පාදන තහනම් කිරීම සඳහා මන්ත්‍රීවරු සිය සහාය දක්වා තිබේ.
එමෙන්ම, ආහාර සහ පානවර්ග ඇසිරීම සඳහා එක්වරක් පමණක් භාවිතයට ගැනෙන ප්ලාස්ටික් නිෂ්පාදන අඩුකිරීමේ යෝජනාවක්ද ඉදිරිපත් කර තිබේ.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙම කඩිනම් පියවර ඉතා ඉක්මණින් නොගතහොත්, වර්ෂ 2050 වනවිට සාගරයේ මත්ස්‍යයන්ට වඩා ප්ලාස්ටික් පවතිනු ඇති බවයි.