වසර 37ක ඉතිහාසය තුළ උතුරු කොරියාව මුහුණදෙන දරුණුතම නියඟයට මුහුණදෙන අතර, වගාවන් ආරක්ෂා කරගැනීම සඳහා එරට ජනතාව දැඩි අරගලයක නිරත වෙයි.
උතුරු කොරියාවේ මිලියන 10ක ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල දැඩි හිඟයක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයද පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කර ඇති නවතම වාර්තාවකට අනුව මේ වසර තුළ එරට ජනතාවගේ දෛනික ආහාර පරිභෝජනය ග්‍රෑම් 300කට පමණක් සීමා වී ඇත.
වර්ෂ 1990 දී එරටට බලපෑ තිබූ සාගතය හේතුවෙන් උතුරු කොරියානුවන් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්ව තිබුණි.
කෙසේ වෙතත්, මෙවර ඇතිවී තිබෙන නියං තත්ත්වය එදා ඇති වූ තත්ත්වය සමග සැසඳීමේදී වඩාත් දරුණු නොවනු ඇති බව විශ්වාස කෙරෙයි. නමුත්, ඉන් අස්වනු හානිවීම සහ අඩුවීම රට පුරා දැකිය හැකි වනු ඇති බව වැඩිදුරටත් සඳහන් වෙයි.