වයස අවුරුදු 15 දී අභාවප්‍රාප්ත වූ උගන්ඩාවේ නව යොවුන් නිළි නිකිටා පර්ල් වලිග්වාටගේ දේහයට උපහාර දැක්වීම් ඇය රඟපෑ ක්වීන් ඔෆ් කැට්වේ චිත්‍රපටයේ තරු විසින් සිදුකරන ලදී.
වලිග්වාට මොළයේ ගෙඩියක් ඇති බව හඳුනා ගැනීමෙන් අනතුරුව පසුගිය සෙනසුරාදා කම්පාලා අගනුවර රෝහලේදී මිය ගියාය.
ඇය 2016 ඩිස්නි චිත්‍රපටයට රංගනයෙන් දායක වූ අතර එය උගන්ඩාවේ මුඩුක්කු නිවාසයක චෙස් ක්‍රීඩකාවක වන ෆියෝනා මුට්සිගේ සත්‍ය කතාව පදනම් කර ගෙන නිර්මාණය වූවකි.
ඇය සමග එම චිත්‍රපටයේ රංගනයේ නිරත වූ රංගන ශිල්පී ඩේවිඩ් ඔයෙලෝවෝ ඉන්ස්ටග්‍රෑම් පණිවුඩයක ලියා තිබුණේ, "ඇය කට්වා රැජිනගේ සහ ජීවිතයේ ආලෝක කදම්භයක් වුණා." යනුවෙනි.
ඔහු ෆියෝනා මුට්සිගේ චෙස් ගුරුවරියගේ චරිතය රඟපෑ අතර ලුපිටා නියොන්ගෝ ඇගේ මව ලෙස රඟපෑවාය.
වලිග්වා නිරූපණය කළේ ෆියෝනාගේ මිතුරියක් වන ග්ලෝරියාගේ චරිතයයි.