උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන අවසන් කිරීමට නම් එරට නායක කිම් ජොන්ග්-උන් වෙත ජාත්‍යන්තරයෙන් ආරක්ෂක සහතිකයක් තිබිය යුතු බව රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින් පවසයි.
මෙවැනි ආරක්ෂක සහතිකයක් බහුජාතික ව්‍යායාමයක ප්‍රතිඵලයක් ලෙස ලැබිය යුතු බව පූටින් පවසන්නේ, එරට නැගෙනහිර ප්ලැඩිවොස්ටොක් නගරයේදී නායක දෙපළ අතර පැවති ඓතිහාසික සාකච්ඡාව අරඹමිනි.
මේ අතර, උතුරු කොරියානු නායකයාද මෙම හමුව වඩාත් සාර්ථක හමුවක් ලෙස පවසා ඇති අතර, එය සුහද හමුවක් වූ බවද සඳහන් කර තිබේ.
එමෙන්ම, කිම් ජොන්ග්-උන් අතිශය විවෘත මිනිසෙකු බවත්, ඔහු න්‍යාය පත්‍රයේ වූ සියලුම කාරණා වඩාත් නිදහසේ කතා කළ බවත් පූටින් වැඩිදුරටත් පවසා ඇත.
පසුගිය පෙබරවාරි මාසයේදී ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග වියට්නාමයේ හැනෝයි නගරයේදී පැවැත්වීමට සූදානම් වූ සාකච්ඡා බිඳ වැටීමෙන් පසු උතුරු කොරියානු නායකයා සහ රුසියානු නායකයා අතර මෙම හමුව සිදුවිය.