උතුරු කොරියාවේ 70 වැනි සංවත්සරයට සමගාමීව පැවති හමුදා සංදර්ශනය හා උත්තමාචාර පෙළපාලියේදී ඔවුන්ගේ බැලස්ටික් මිසයිල ප්රදර්ශනය නොකරීමට කටයුතු කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, මෙම අවස්ථාවේදී උතුරු කොරියානු නායකයා විශේෂ දේශනයක් පැවැත්වූයේද යන්න පිළිබඳව තොරතුරු වාර්තා වී නොමැත.
උතුරු කොරියාවේ මෙවැනි හමුදා සංදර්ශන හා පෙළපාලිවලදී සුපුරුදු පරිදි ඔවුන්ගේ ප්රබලතම අවි ප්රදර්ශනය කරන නිසා ලෝකයේ බොහෝ රටවල් ඒ පිළිබඳ අවධානය යොමු කරයි.
විශේෂයෙන් ඇමෙරිකාව හා දකුණු කොරියාව මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වයි.
මෙහිදී, ඇතැම් විදෙස් විචාරකයන් පවසා තිබුණේ පසුගිය ජූනි මාසයේදී ඇමෙරිකානු ජනපති සහ උතුරු කොරියානු නායකයා අතර පැවති හමුවෙන් පසුව ඔහු මේ ආකාරයෙන් සිය පෙළපාලියේ ප්රබලත්වය යම් තරමකින් අඩු කිරීමට කටයුතු කර ඇති බවයි.