ජාත්‍යන්තර සම්බාධක නොතකා ගමන් කළේ යැයි පවසමින් උතුරු කොරියාවට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඇමෙරිකානු හමුදා අත්අඩංගුවට පත්ව තිබේ.
ඇමෙරිකානු නීති දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම නෞකාව ගල් අඟුරු ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට පත්වූ බවයි.
එරට ප්‍රධාන අපනයන අතර ගල්අඟුරු පැවතියත් එරටට එක්සත් ජාතීන්ගේ සංවිධානය පනවා ඇති සම්බාධක අතර ගල් අඟුරු සඳහාද සම්බාධක පනවා ඇති පසුබිමක මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව ඇමෙරිකාව කියයි.
මෙම නෞකාව මීට පෙර 2018 වසරේදී ඉන්දුනීසියාව ආශ්‍රිතවද සෝදිසියකට ලක් කරමින් යම් අවහිරයකට ලක්වූවකි.
කෙසේ වෙතත්, මෙය සම්බාධක උල්ලංඝනය කිරීම හේතුවෙන් ඇමෙරිකාව විසින් උතුරු කොරියානු යාත්‍රාවක් අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව වෙයි.
එය දෙරට අතර මේ වනවිටත් පළුදු වී ඇති මිත්‍රත්වය තවදුරටත් පළුදු කරන්නක් විය හැකි බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.