උතුරු අයර්ලන්තයේ, ලන්ඩනරි ප්රදේශයේ අධීකරණ භූමියකින් පිටත කාර් බෝම්බයක් පුපුරා ගොස් තිබේ.
පොලීසිය වෙත අනතුරු ඇඟවීමේ පණිවුඩයක් ලැබීමෙන් අනතුරුව සෙනසුරාදා රාත්රී 8.15ට පමණ මෙම පිපිරීම සිදුව ඇත.
පොලීසිය ඒ වෙත යන අවස්ථාවේදීත් පිපිරීම සිදුව තිබුණත්, ඉන් කිසිවෙකුට හානියක් සිදුව නොතිබූ බව පොලීසිය පවසයි.
කෙසේ වෙතත්, බෝම්බ පිපිරීමත් සමග අසල කාර්යාලවල, නිවෙස්වල සිටි පිරිස් ඉවත් කිරීමට පොලීසිය කටයුතු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා තිබේ.
මෙම බෝම්බ පිපිරීමට පෙර මෙම මෝටර් රථය වෙනත් ප්රදේශයකින් පැහැරගෙන පැමිණි රථයක් බව අනාවරණය වී ඇති අතර, සිද්ධිය ත්රස්ත ක්රියාවක් ලෙස සැලකෙයි.