ගාසා තීරයෙහි මෑත යුගයේ දක්නට ලැබුණු දරුණු ප්රහාර මාලාවක් ඇරඹී ඇති බවත්, ඊශ්රායල් හමුදා සහ පලස්තීන සටන්කාමීන් එකිනෙකා වෙත රොකට් ප්රහාර 600කට වඩා එල්ල කරගෙන ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
මෙම ප්රහාරවලින් බොහෝ රොකට් ප්රහාර ප්රති ප්රහාරවලින් බිම හෙළා තිබුණත්, මෙම ප්රහාරවලින් මේ දක්වා ඊශ්රායල සොල්දාදුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊශ්රායලය පවසා සිටියේ ඔවුන් ගාසා තීරයේ සටන්කාමීන් සිටින ඉලක්ක 260ක් වෙත ප්රහාර එල්ල කළ බව පවසන අතර, තවදුරටත් ප්රකෝප ගැන්වීම් සිදු වුවහොත් ප්රහාර මීට වඩා බරපතල විය හැකි බවට අනතුරු අඟවයි.
මේ අතර, ප්රහාරවලින් ගාසා තීරයේ පලස්තීනුවන් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද තහවුරු වී තිබේ.
ඊශ්රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා සිටියේ තම උපරිම ශක්තිය යොදා ප්රහාර එල්ල කරන ලෙසට තමන් හමුදාවට අණකළ බවයි.
එමෙන්ම, යුද ටැංකි, කාල තුවක්කු සහ හමුදාවන්ගෙන් ගාසා තීරයේ දේශසීමා තර කරන බවද ඔහු අවධාරණය කළේය.
පසුගිය මාසයේදී දෙපාර්ශ්වය එකඟ වූ සටන් විරාමය බිඳ හෙලමින් මේ ආකාරයෙන් ගාසා තීරයේ සටන් ඇවිලී තිබේ.