ඊශ්‍රායලයේ අභ්‍යන්තර ආරක්ෂක සේවයේ ප්‍රධානියා දුර්ලභ අනතුරු ඇඟවීමක් කරමින්, දශක ගණනාවක් තුළ දේශපාලනික වශයෙන් ඊශ්‍රායලය තුළම ප්‍රචණ්ඩක්‍රියා ඇතිවීමේ අවදානමක් ගැන හෙළි කර තිබේ.
මාර්තු 23 වැනි දින පැවති මැතිවරණයෙන් පසු පාලක සන්ධානයක් පිහිටුවීමට තමා සමත් වූ බව ඊශ්‍රායලයේ කේන්ද්‍රීය විපක්ෂ නායක යායර් ලැපිඩ් බදාදා ප්‍රකාශ කිරීමෙන් පසුව නෙතන්යාහු වසර 12ක අග්‍රාමාත්‍ය ධුරය අවසන් කිරීමට මුහුණ දී සිටියි.
නව රජය තවමත් දිවුරුම් දී නොමැති අතර එය වාමාංශික, ලිබරල්, දක්ෂිණාංශික, ජාතිකවාදී සහ ආගමික පක්ෂවල මෙන්ම ඊශ්‍රායල ඉතිහාසයේ ප්‍රථම වතාවට අරාබි ඉස්ලාමීය පක්ෂයකද එකතුවකි.
ඒ අනුව මෙම නව හවුල්කාරිත්වය භයානක වාමාංශික රජයක් යැයි අන්තර්ජාල පෝස්ට්වල නෙතන්යාහු අනතුරු අඟවා තිබේ.
මේ තත්ත්වය තුළ සමහර දක්ෂිණාංශික කණ්ඩායම් ජාතිකවාදී පක්ෂයක ප්‍රධානියා වන නෆ්තාලි බෙනට් කෙරෙහි කෝපයට පත් වී ඇති අතර, ඔහු නෙතන්යාහු වෙනුවට යායර් ලැපිඩ් සමඟ බලය හුවමාරු කරගෙන රට පාලනය කිරීමේ ගිවිසුමකට එළැඹීමට නියමිත බැවින්, සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට දැඩි පහරදීමක් ආරම්භ වී ඇත.
මන්දයත් මැතිවරණයට පෙර බෙනට් පොරොන්දු වූයේ තමා කේන්ද්‍රීය ලැපිඩ් හෝ කිසිදු අරාබි පක්ෂයකට සන්ධානයකට සම්බන්ධ නොවන බවය.
"විශේෂයෙන් සමාජ ජාල තුළ වැඩි වැඩියෙන් ප්‍රචණ්ඩකාරී හා ජනතාව උසිගන්වන කතිකාවන්හි වැඩිවීමක් අපි මෑතකදී හඳුනාගෙන තිබෙනවා" යැයි ෂින් බෙට් ආරක්ෂක බළකායේ ප්‍රධානී නදව් ආර්ගමන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. "මෙම කතිකාව ඇතැම් කණ්ඩායම් හෝ පුද්ගලයින් අතර අර්ථ නිරූපණය කළ හැකියි. එය ශාරීරික හානියක් පවා සිදුවිය හැකි ප්‍රචණ්ඩකාරී සහ නීති විරෝධී ක්‍රියාවන්ට ඉඩ සැලසීමට පුළුවන්" ඔහු පැවසීය.
පසුගිය එක්සත් ජනපද ජනාධිපතිවරණයෙන් පසුව හිටපු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සමාජ මාධ්‍ය තුළ ඇති කළ මෙවැනිම උසිගැන්වීමක් අවසානයේ එරට තුළ දැවැන්ත අරාජිකත්වයක් ඇති කළ අතර, මෙම නවතම දේශපාලන වාතාවරණය තුළ ඊශ්‍රායලයේද එවැනිම තත්ත්වයක් උද්ගතවීමක් ගැන මෙසේ අනතුරු ඇඟවෙයි.