දස දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගී වූ ඊශ්‍රායල උත්සවයකදී ඇති වූ තෙරපීමක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් 103 දෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම ඛේදවාචකය උතුරු ඊශ්‍රායලයේ මෙරොන් කන්දෙහි සෑම වසරකම යුදෙව් නිවාඩු දිනයක් වන ලාග් බාමර් සැමරුම් උත්සවය අවස්ථාවේදී සිදුව තිබේ.
ඊශ්‍රායල් මාධ්‍ය විසින් කරන ලද ඇස්තමේන්තුවලට අනුව, 100,000ක් පමණ ජනතාව, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ඕතඩොක්ස් යුදෙව්වන්ය.
තුවාලකරුවන් හෙලිකොප්ටර් මගින් උතුරු ඊශ්‍රායලයේ හා ජෙරුසලමේ රෝහල් හතරකට යොමුකර ඇත.