ගෘහස්ථ පොදු ස්ථානවල මුඛ ආවරණ පැලඳීමේ අවශ්‍යතාව අද (25දා) ඊශ්‍රායලය නැවත ආරම්භ කළ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
මුලින් එරට ක්‍රියාත්මක වූ මුඛ ආවරණ පැලඳීමේ නීතිය මෙන්ම, වයස අවුරුදු 7ට වැඩි සෑම කෙනෙකුම යම් වෛද්‍ය හේතුවක් මත හෝ මුඛ ආවරණ පැලඳීම වළක්වන ආබාධිත තත්ත්වයක් නොමැති නම් මෙම නීතියට යටත් වන බව සඳහන් වෙයි.
කෙසේ වෙතත් ගෘහස්ථ ව්‍යායාම කටයුතුවලදී, පුද්ගලයෙකු ගෘහස්ථව තනිව සිටින විට හෝ කම්කරුවන් දෙදෙනෙකු තනි කාමරයක තනිවම වැඩ කිරීමට අනුයුක්ත කරන විට මුඛ ආවරණ පැලඳීම අවශ්‍ය නොවන බවද සඳහන් කර තිබේ.