ඊශ්‍රායලයේ ආරම්භ වූ මහ මැතිවරණය වසර කිහිපයකට පසුව එරට පැවැත්වෙන අතිශය තරගකාරී මැතිවරණයක් බව දේශපාලන විචාරකයෝ පවසති.
ඊශ්‍රායලයේ වත්මන් අගමැති බෙන්ජමින් නෙතන්යාහු අන්ත දක්ෂිණාංශික පක්ෂයෙන් පස්වැනි ධුර කාලය සඳහා බලය ලබාගැනීමට මෙවර සූදානම් වෙයි.
කෙසේ වෙතත්, ඊශ්‍රායලයේ සිදුවූ දූෂණ හා ආක්‍රමිකතා සම්බන්ධයෙන් වත්මන් අගමැතිවරයාට දෝෂාරෝපණ රැසක් එල්ල වන බැවින්, හිටපු හමුදා ප්‍රධානී බෙනී ගැන්ට්ස් සමග මැතිවරණයේ දැඩි තරගයක් ලබාදීමට සිදුව තිබේ.
හිටපු හමුදා ප්‍රධානියා බ්ලූ ඇන්ඩ් වයිට් පක්ෂය නියෝජනය කරමින් මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින අතර, පිරිසිදු දේශපාලනයක් සහ වැඩි ආරක්ෂාවක් රටට ලබාදෙන බව පවසමින් ඔහු නෙතන්යාහු වෙත දැඩි බලපෑමක් එල්ල කර ඇති බව සඳහන් වෙයි.
අද රාත්‍රී 10.00 වන විට මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම ඇරඹෙනු ඇති බව එරට මැතිවරණ බලධාරීහු පවසති.