ඊජිප්තුවේ ගීසා පිරමීඩ ආසන්නයේ වූ ඊජිප්තු කෞතුකාගාරය ආසන්නයේදී සංචාරක බස් රථයක් ඉලක්ක කර එල්ල වූ බෝම්බ ප්රහාරයකින් පුද්ගලයන් 16 දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම ප්රහාරයෙන් තුවාල ලැබූ වැඩි පිරිස විදේශිකයන් බව සඳහන් වන අතර, ඔවුන් දකුණු අප්රිකානු ජාතිකයන් බවද සඳහන් වෙයි.
බස් රථය කෞතුකාගාරය ආසන්නයෙන් ඇදී යන විට එහි වැටක් අසල සඟවා තබා ඇති බෝම්බයක් පිපිරී යාමෙන් මෙම ප්රහාරය එල්ල වී ඇත.
මෙම ප්රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු විසින්වත් භාරගෙන නොතිබුණත්, ඊජිප්තුවේ මීට පෙරත් ජිහාඩ් ත්රස්තවාදීන් සංචාරකයන් ඉලක්ක කර ප්රහාර එල්ල කර තිබුණි.
පසුගිය දෙසැම්බර් මාසයේදීද මාර්ගයක් අසල අටවා තිබූ බෝම්බයක් පිපිරී යාමෙන් වියට්නාම ජාතිකයන් තිදෙනෙකු හා සංචාරක මාර්ගෝපදේශකයෙකු ඝාතනයට ලක්විය.