එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම සමග පේට්‍රියට් මිසයල පද්ධතියක් සහ තවත් යුද නෞකාවක් මැදපෙරදිග කලාපයට යැවීමට එක්සත් ජනපදය කටයුතු කර තිබේ.
ඒ අනුව, යූ.එස්.එස්. ආර්ලින්ග්ටන් යුද නෞකාව ගුවන් යානා සහ සන්නාහ සන්නද්ධ රථ රැගෙන දැනටමත් ගල්ෆ් කලාපයට ළඟා වී ඇති යූ.එස්.එස්. ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා හාරක ප්‍රහාරක නෞකාව සමග එක්වීමට නියමිතය.
පෙන්ටගනය සඳහන් කළේ කටාර් රාජ්‍යයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුර වෙත බී-52 වර්ගයේ අධිබල බෝම්බ හෙළන යානාද ළඟා වී ඇති බවයි.
කලාපයේ සිටින ඇමෙරිකානු හමුදාවට හෝ මිත්‍ර හමුදාවකට එරෙහිව ඉරානය විසින් ගනු ලබන ඕනෑම ප්‍රහාරයකට ප්රත්ප්රහාර එල්ල කිරීමේ සූදානමක් ලෙස මෙම ප්‍රහාරක ශක්තිය තර කරන බව ඇමෙරිකාව කියයි.
කෙසේ වෙතත්, ඉරානයෙන් එල්ල වී ඇති මෙම යුද අවදානම සම්බන්ධයෙන් ඇමෙරිකාව එතරම් පැහැදිලි අදහසක් ඉදිරිපත් නොකරන බැවින්, ඉරානය ඇමෙරිකාවේ මෙම ක්‍රියා මනස්ගාත ලෙස හෙළා දැක තිබේ.
මෙය ඉරානය තැති ගැන්මකට ලක්කිරීම සඳහා ඇමෙරිකාව ක්‍රියාත්මක කරන මනෝමය යුද උපක්‍රමයක් බවද ටෙහෙරාන් පාලනය කියයි.