ඉරානයේ හමුදා පෙළපාලියක් අවස්ථාවේදී සිදුවූ ප්‍රහාරයකින් පුද්ගලයන් 25 දෙනෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ සහාය ලබන ගල්ෆ් රාජ්‍යයන්ට ඉරානය ඇඟිල්ල දිගුකර තිබේ.
ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කොමේනි පවසා සිටියේ ඇමෙරිකාවේ පදයට නැටවෙන රූකඩ ඉරානය තුළ අනාරක්ෂිත බවක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බවයි.
ඉරානයේ නිරිතදිග නගරයක් වූ අහ්වාස් හි පැවති විප්ලවීය හමුදා භටයන් සහ නිලධාරීන් සහභාගී වූ පෙළපාලියක් වෙත තුවක්කුකරුවෙකු විසින් සිදුකළ විවෘත වෙඩි තැබීමකින් මෙම ඝාතන සිදුව තිබේ. එහිදී, කුඩා දරුවෙකුද ජීවිතක්ෂයට පත්ව ඇත.
රාජ්‍ය විරෝධී අරාබි කණ්ඩායම හෙවත් අහ්වාස් ජාතික විරෝධීන් සහ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය යන කණ්ඩායම් දෙකම මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබුණි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය තමන් විසින් සිදුකළේ යැයි තහවුරු කිරීමට එම කණ්ඩායම් දෙකටම සාක්ෂි ඉදිරිපත් කිරීමට හැකියාවක් ලැබී නැත.
කෙසේ වෙතත්, විදෙස් රාජ්‍යයන්ගේ මුදලට නැටවෙන ත්රස්තයන් මෙම ප්‍රහාරය දියත් කර ඇති බව එරට විදේශ අමාත්‍ය ජවාඩ් සරීෆ් චොදනා කර තිබුණු අතර, එහිදී, කලාපීය ත්රස්තයන්ට අනුග්රාහකයන් සහ ඔවුන්ගේ ඇමෙරිකානු හාම්පුතුන් මේ සඳහා වගකිව යුතු බවද හෙතෙම අවධාරණය කර තිබුණි.