ඉරානයේ විශාලතම නාවික යුද නෞකාව ගිනිගෙන ඕමාන් බොක්කෙහි ගිලී ගියේ ගිනි නිවන භටයින්ට යාත්‍රාව හරහා පැතිර ගිය විශාල ගින්න පාලනය කිරීමට නොහැකි වීම නිසා බව එරට මාධ්‍ය වාර්තා කරයි.
කාර්ග් නමැති මෙම යුද නෞකාව ඇති වූ ගින්නට හසුවීමෙන් පසුව අපැහැදිලි තත්වයන් යටතේ ඉරාන නාවික භට පිරිස් 400ක් පමණ ජීවිත බේරාගත් බවද වාර්තා වෙයි.
බ්‍රිතාන්‍යය විසින් නිෂ්පාදිත මෙම නෞකාව ඉරානයේ විශාලතම යුද නෞකාවක ලෙස ප්රකටව තිබුණු අතර, එරට ප්‍රධාන තෙල් පර්යන්තය සහිත දිවයිනේ නාමයෙන් එය හැඳින්විණි.
ටෙහෙරාන් නුවරට ගිනිකොණ දෙසින් සැතපුම් 790ක් දුරින් හෝමූස් සමුද්‍ර සන්ධියේ ගල්ෆ් බොක්ක ආශ්‍රිතව බදාදා උදෑසන 8.30ට පමණ යාත්‍රාව තුළ ගින්න හටගෙන ඇති අතර, පැය 21කට අධික කාලයක් ගින්න නිවීමට ඉරාන ගිනි නිවන භටයන් කටයුතු කළත් එරට වේලාවෙන් අද පාන්දර නෞකාව මුහුදුබත් වී තිබේ.
ඉරාන සමාජ මාධ්‍යවල සංසරණය වූ ඡායාරූපවල දැක්වුණේ ජීවිතාරක්ෂක කබා පැළඳ සිටින නැවියන් යාත්‍රාව පිටුපසින් ගින්නක් හටගෙන ඇති බව සඳහන් කරන ආකාරයයි.
ඉරානයේ නාවික හමුදාව සාමාන්‍යයෙන් ඕමාන් බොක්ක ආශ්‍රිතව සිය මුර සංචාර මෙහෙයවනු ලැබේ. කෙසේ වෙතත් විශාල ගින්නක් ඇති කරමින් මුහුදේ ගිලී ගිය නෞකාව නිසා එම මුහුදු කලාපයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැත.