ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි දේශීය වශයෙන් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 එන්නතක් විදගත් බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව අලුතින් පත්වූ ඉරානයේ නව ජනාධිපතිවරයා සිය පළමු එන්නත් මාත්‍රාව ඊයේ (08දා) ලබාගත් බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
බටහිර සම්බාධකවලට යටත්ව සිටින ඉරානය කියුබාව මෙන්ම තමන්ගේ එන්නත් නිෂ්පාදනය සඳහා උත්සුක වී තිබේ.