ඉරාකයේ එක්සත් ජනපද සහ බ්‍රිතාන්‍ය හමුදා රැඳී සිටි හමුදා කඳවුරකට එල්ල වූ රොකට් ප්‍රහාරයකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
උතුරුදිග බැග්ඩෑඩ්හි ටාජි හමුදා කඳවුරට එල්ල වූ මෙම රොකට් ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා ඇත.
එක්සත් ජනපද ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ මෙම ප්‍රහාරයෙන් ඇමෙරිකානු සොල්දාදුවෙකු, ඇමෙරිකානු කොන්ත්‍රාත්කරුවෙකු සහ බ්‍රිතාන්‍ය හමුදා සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
කෙසේ වෙතත් ඔවුන්ගේ නම් ගම් හෙළි කිරීමක් මෙතෙක් සිදුව නොමැති අතර, පසුගිය ජනවාරි මාසයේදී එක්සත් ජනපද ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉරාන හමුදා නායකයෙකු ඝාතනය විමත් සමග දෙපාර්ශ්වය අතර යම් උණුසුම් තත්ත්වයක් පැවතිණි.