ලොව ජනප්‍රිය සමාජජාලයක් වන ඉන්ස්ටග්‍රෑම් හි මෙතෙක් වැඩිම පිරිසක් ලයික් දැමූ ඡායාරූපයට බවට දුඹුරු පැහැ තනි බිත්තරයක ඡායාරූපයක් ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.
මෙම ඡායාරූපයට ලොව පුරා ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයන් මිලියන 45කට ආසන්න පිරිසක් කිසිදු විශේෂ හේතුවකින් තොරව ලයික් දමා ඇත.
මෙතෙක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වැඩිම ප්‍රසිද්ධියක් ලැබූ ඡායාරූපය බවට කයිලි ජෙනර්ගේ පළමු දරු උපත ලොවට දන්වා සිදුකළ ඡායාරූපයට ලැබී තිබුණේ මිලියන 18ක් ඉක්මවූ ලයික් ප්‍රමාණයක් සමගිනි.
කෙසේ වෙතත්, ලෝක වාර්තාවක් වන බිත්තරය යන මැයෙන් පසුගිය ජනවාරි 04දා පළ කර තිබූ බිත්තරයේ ඡායාරූපය කයිලි ජෙනර්ද අභිභවා ගොස් තිබේ.
"ඉන්ස්ටග්‍රෑම්හි වැඩිම කැමැත්ත ලබාගත් ඡායාරූපය මෙය බවට පත්කර ලෝක වාර්තාවක් තබමු" යනුවෙන් මෙම ඡායාරූපය සමග පළ කර තිබූ සටහන මේ වනවිට සැබෑවක් බවට පත්ව ඇත.
සමාජ ජාල මාධ්‍ය ඔස්සේ බලපෑමක් කළ හැකි චරිතයක් ලෙස ඉදිරියෙන්ම සිටින කයිලි ජෙනර් මෙම ඡායාරූපය පළ වීමෙන් පසුව, පදික වේදිකාවක සිට බිත්තරයක් බිඳින දර්ශනයක් ඇති වීඩියෝවක් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කළද මේ තනි බිත්තරය පරාජය කිරීමට ඇයට නොහැකි වී තිබේ.
සමාජ ජාල මාධ්‍ය තුළ වූ වෙළෙඳ මාෆියාව පරාජයට පත්කිරීමත්, කඩාෂියන් පවුලේ විප්‍රකාරවලින් බොහෝදෙනා වෙහෙසට පත්ව ඇති නිසාත් මෙසේ කිසිදු වෙළෙඳ අරමුණකින් තොරවූ තනි බිත්තරයට පුද්ගලයන් ලයික් දැමුවා විය හැකි යැයි බොහෝදෙනා පවසා තිබුණි.