ඉන්දියාවට පැමිණි රොයින්ග්‍යා සරණාගතයන් 7 දෙනෙකු යළි මියන්මාරය වෙතම පිටුවහල් කිරීමට ඉන්දියාව කටයුතු කර තිබේ.
යළි මියන්මාරය වෙත යැවීම මෙම පිරිස අනතුරේ හෙළීමක් බවට ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් පවසා සිටියත්, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන් පිටුවහල් කළ යුතු බව අවධාරණය කර තිබේ.
2012 වසරේ සිට මොවුන් සංක්‍රමණික නීති උල්ලංඝනය කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවේ පසුවූවන් පිරිසක් බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
පසුගිය වසරේදී මියන්මාරය තුළ සිදුවූ ගැටුම්වලින් පසුව ලක්ෂ ගණනක් රොහින්ග්‍යා පිරිස් සිය නිජභූමිය වූ බංග්ලාදේශය වෙතම යළි යන්නට වූහ.
මෙය මහා මිනිස් සංහාරයක් ලෙස බටහිර ඇතැම් සංවිධාන හා නියෝජිතයන් කෑමොර දුන්නද, මියන්මාරය තුළ රොහින්ග්‍යා සරණාගතයන් අතරින් මතුවෙමින් පැවති ජිහාඩ් අන්තවාදය මුලිනුපුටා දැමීමට මියන්මාර රජය කටයුතු කිරීම මත මෙම අර්බුදය ඇති වී තිබුණි.
විශේෂයෙන්ම මියන්මාර ආරක්ෂක අංශ ඉලක්ක කරමින් රඛයිනේ පළාත තුළ නිරන්තරයෙන් සිදුවූ ජිහාඩ් ප්‍රහාර සඳහා ප්‍රතිප්‍රහාර එල්ල කිරීමක් ලෙස ආරම්භ වූ මෙම මෙහෙයුම අවසානයේදී රොහින්ග්‍යා බහුතරය මියන්මාරය අත්හැර පළා යන තත්ත්වයට දුරදිග ගියේය.
මෙහිදී, ඉන්දියාවද මියන්මාරයේ ක්‍රියාපිළිවෙත සාධාරණීකරණය කරමින් සිටි අතර, ඔවුන් ඉන්දියාව තුළ රොහින්ග්‍යා සරණාගතයන් වෙත අවස්ථාවක් ලබා නොදීමට දැඩි පිළිවෙතක් අනුගමනය කර තිබුණි.