ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව අද (31දා) මිලියන 28ක සීමාව පසුකර ගියත්, ගෙවුණු දිනයේ වාර්තා වූ ආසාදිතයන් 152,734ක අගය ආසන්න කාලසීමාවේදී වාර්තා වූ අඩුම ආසාදිත අගය බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙයි.
එමෙන්ම ගෙවුණු දිනයේදී ඉන්දියාවෙන් කොවිඩ්-19 ආශ්රිත මරණ 3,128ක් වාර්තා වී ඇති අතර, මේ සමග සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 329,100ක් දක්වා ඉහළ ගොස් ඇත.