ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව ඊයේ (26දා) මිලියන 27ක් ඉක්මවා ඇති අතර, ගෙවුණු දිනයේ නව ආසාදිතයන් 208,921ක් වාර්තා කර තිබේ.
එය ඊට පෙ රදිනට වඩා ආසාදිතයන්ගේ සුළු වැඩිවීමක් වන අතර, එම දිනයේ රෝගයෙන් සිදුව ඇති මරණ 4,157ක් දක්වා යළිත් හාරදහසක සීමාව ඉක්මවා ඇත.
ඒ අනුව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව දකුණු ආසියාවේ විශාලතම රාජ්‍ය වන ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට මිලියන 27.16ක් වන අතර, සමස්ත මරණ සංඛ්‍යාව 311,388කි.