චීනයේ ඇතැම් නගරවලින්ද මේ වනවිට ඉන්දියාවෙන් මුලින්ම හමුවූ නව කොවිඩ්-19 වෛරස ප්‍රභේදය සොයාගෙන ඇති බවත්, ආසාදන වැළැක්වීමේ මහජන සෞඛ්‍ය පියවර ක්‍රියාත්මක කිරීම සම්ප්‍රේෂණය නැවැත්වීමේ රහස බවත් චීනයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වූ සුන්යූ පවසයි.
ඇතැම් ආසියානු රටවල කොවිඩ්-19 ආසාදිතයන්ගේ වැඩිවීම යළිත් අනතුරු ඇඟවීමක් කර ඇත්තේ කොවිඩ්-19 වැළැක්වීම සහ පාලනය කිරීම බොහෝ දුරට අවසන් වීමට වෙනුවට, එය දුෂ්කර, සංකීර්ණ, තවදුරටත් දිවෙන වසංගතයක් බවට ප්‍රකට කරමිනි.
ඒ අනුව කොවිඩ්-19 වසංගතය ආරම්භයේ සිටම කොරෝනා වෛරසයේ විකෘතීන් සිදුවෙමින් පවතින බවත්, වසංගතය දිගටම පවතින තාක් කල් එය නතර නොවන බවත් චීන විශේෂඥයා පෙන්වා දුන්නේය.
නමුත් ඕනෑම වෛරස් ප්‍රභේදයක් සම්ප්‍රේෂණය කිරීම නතර කළ හැකි බව පැවසූ විද්‍යාඥ වූ සුන්යූ කියා සිටියේ, විකෘති ප්‍රභේද පැතිරීම නැවැත්වීමට සහ නව විකෘති ඇතිවීම වැළැක්වීමට කොවිඩ්-19 සීමාවන් හා ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බවය.
චීනයේ කම්කරු දින නිවාඩු දිනය ළඟාවෙත්ම වසංගත වැළැක්වීම සහ පාලන පියවරයන් යළිත් සාමාන්‍යකරණය කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළ අතර, මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස පුද්ගල ආරක්ෂක පියවරයන් දිගටම කරගෙන යන ලෙස සියලු දෙනාටම අවවාද කළේය.