ඉන්දියාව පසුගිය පැය 24 තුළ කොවිඩ්-19 ආසාදිත නව මරණ 4,187ක් වාර්තා කර ඇති අතර, එය එක් දිනක් තුළ සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙයි.
මෙම වෛරසය දකුණු ආසියාවේ විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රාජ්‍ය තුළ මේ දක්වා ජීවිත 238,270ක් බිලිගෙන අවසන්ය.
එමෙන්ම ගෙවීගිය දිනයේ ආසාදිතයන් 401,078ක් වාර්තා වූ අතර, අඛණ්ඩව තුන්වැනි දිනටත් ආසාදන 400,000කට අධික සංඛ්‍යාවක් සහ 17 වැනි දිනටත් ආසාදන 300,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
ඒ අනුව මේ දක්වා ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 21.9ක් දක්වා ඉහළ ගොස් තිබේ.