ඉන්දියාව කොවිඩ්-19 ආසාදිතයන් 414,188ක් ගෙවීගිය පැය 24 තුළ වාර්තා කර ඇති අතර එය දෛනිකව වාර්තා කළ ඉහළම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ දත්ත අනුව පෙන්වා දෙයි.
මේ දක්වා බලධාරීන් විසින් රට තුළ ආසාදිතයන් 21,491,598ක් හඳුනාගෙන ඇති අතර, එය දෙවැනි වන්නේ එක්සත් ජනපදයට පමණි.
ඉන්දීය බලධාරීන් විසින් තවත් කොවිඩ්-19 සම්බන්ධ මරණ 3,915ක් වාර්තා කර ඇති අතර, මේ වනවිට අඛණ්ඩව 10 වැනි දිනටත් දෛනික මරණ සංඛ්‍යාව 3,000 ඉක්මවා ඇත.
ඒ අනුව ඉන්දියාවේ කොරෝනා වෛරසය වැලඳීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 234,083ක් මියගොස් තිබේ.