ඉන්දියාව දෛනික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ගෙවීගිය දිනයේ 400,000කට වඩා වාර්තා වීමත් සමග රටක් ලෙස නවතම ආසාදිත වාර්තාවක් ඊයේ (01දා) තබා තිබුණි.
ඒ අනුව ගෙවීගිය දිනයේ පැය 24 තුළ ඉන්දියාව විසින් නව කොවිඩ්-19 ආසාදිතයන් 401,993ක් වාර්තා කර තිබුණු අතර, සෞඛ්‍ය අමාත්‍යාංශ දත්තවලට අනුව මේ වනවිට රට තුළ මිලියන 19.1කට වඩා ආසාදිතයන් තහවුරු වී තිබේ.
එමෙන්ම ගෙවීගිය දිනයේ නව ආසාදිත මරණ 3,523ක් වාර්තා කරමින් සමස්ත කොවිඩ්-19 ආශ්රිත මරණ 211,853ක් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහවුරු කර තිබේ.
ඉන්දියාවේ දෛනික ආසාදිතයන් මෙන්ම මරණ වාර්තාගත ලෙස ඉහළ යෑම සිදුකරන පීසීආර් පරීක්ෂණ මත තීරණය වන අතර, එනමුදු එරට තවදුරටත් වාර්තා නොවන දත්තයන්ද රැසක් පවතින බවට චෝදනා මතුවෙයි.