ඉන්දියාව ගෙවීගිය පැය 24 තුළ නව කොවිඩ්-19 ආසාදිතයන් 54,069ක් සහ මරණ 1,321ක් වාර්තා කර ඇති අතර, මේ සමග රටේ මුළු ආසාදන ප්‍රමාණය 3,00,82,778ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශය විසින් බ්‍රහස්පතින්දා නිකුත් කළ දත්ත අනාවරණය කරයි.
ඉන්දියාව ඊයේ දිනයේදී කොවිඩ්-19 සමස්ත ආසාදිත අගය කෝටි තුනක සීමාව පසු කළේය. මේ සමග ඉන්දියාව එක්සත් ජනපදයට පමණක් දෙවැනි වී තිබේ. විශේෂයෙන්ම පසුගිය දින 50 තුළ ඉන්දියාව කෝටි එකක ආසාදන සංඛ්‍යාවක් මෙම අගයට එකතු කළේය.
මේ අතර ඉන්දියාව විසින් නව ආසාදිතයන් ලක්ෂයකට අඩු සංඛ්‍යාවක් වාර්තා කළ අඛණ්ඩව 17 වැනි දිනයද මෙයයි. එමෙන්ම මේ වනවිට සක්‍රීය ආසාදිතයන් 627,057ක් වාර්තා වී ඇති අතර, සමස්ත මරණ 391,981ක් ලෙස සටහන් වෙයි.
එරට සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, පසුගිය පැය 24 තුළ පුද්ගලයන් 68,885ක් සුවය ලබා පිටව ගොස් තිබේ.