ඉන්දියාව ගෙවීගිය පැය 24ක කාලය තුළ දෛනික කොවිඩ්-19 ආසාදිතයන් 173,790 ක් වාර්තා කර ඇති අතර එය දින 45ක් තුළ එරටින් වාර්තා වූ අඩුම අගය බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙයි.
කෙසේ වෙතත් මෙම දිනය තුළ ඉන්දියාවේ දෛනික කොවිඩ්-19 මරණ 3,617කින් ඉහළ ගොස් තිබේ.
මෙම දෛනික ආසාදන හා මරණ සංඛ්‍යාවන් සමග ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව මේ වනවිට මිලියන 27.7ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ්-19 ආශ්රිත මරණ සංඛ්‍යාව 322,512ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.