චීනයේ රතු කුරුස සංගමය විසින් පරිත්‍යාග කරන ලද ඔක්සිජන් සාන්ද්‍රක 100 , වෙන්ටිලේටර්ස් 40ක් සහ වෙනත් වෛද්‍ය සැපයුම්වල පළමු වැනි තොගය අද (09දා) චීන භාණ්ඩ ප්‍රවාහනය ගුවන් යානා මගින් එරටට රැගෙන පැමිණි බව ඉන්දියාවේ චීන තානාපති සන් වීඩොං පවසයි.
කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට ඉන්දියාවට උපකාර කිරීම සඳහා අන්තර්ජාතික රතු කුරුස හා රතු අඩසඳ සංගම් හරහා ඉන්දියානු රතු කුරුස සංගමයට ඩොලර් මිලියනයක මුදල් ආධාර ලබාදීමට චීන රතු කුරුස සංගමය තීරණය කළ බව සන් පවසයි.
"ලෝකයේ කිසිම දෙයක් මිනිසුන්ගේ ජීවිතවලට වඩා වටිනා දෙයක් නොවෙයි. ජීවත්වීම සහ සංවර්ධනය සඳහා ඇති අයිතිවාසිකම් අතිශයින්ම වැදගත් වන මූලික මානව අයිතිවාසිකම්" සන් තවදුරටත් පැවසීය.