ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කොවිඩ්-19 රෝහල් වාට්ටුවක සෙනසුරාදා උදෑසන ඇති වූ ගින්නකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බටහිර ප්‍රාන්තයේ බාරුච් දිස්ත්‍රික්කයේ සුභසාධන රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ගින්න හටගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ දිස්ත්‍රික් නිලධාරියෙකු වන වෛද්‍ය එම්.ඩී. මෝදියා පැවසීය.
වෛද්‍ය මෝදියාට අනුව, මියගිය අයගෙන් 16 දෙනෙක් රෝගීන් වන අතර, දෙදෙනෙක් කාර්ය මණ්ඩල සාමාජිකයෝය.
ගින්න හටගන්නා අවස්ථාවේ රෝගීන් 60 කට ආසන්න සංඛ්‍යාවක් රෝහලේ සිට ඇති අතර එය ප්‍රාදේශීය වේලාවෙන් අලුයම 1.00 ට පමණ හටගෙන තිබේ. සෙසු රෝගීන් අවට රෝහල් වෙත මාරු කර යවා ඇත.
ගින්නට හේතුව තවමත් නිශ්චය කර නොමැති නමුත් මූලික පරීක්ෂණවලට අනුව පරිපථයක විදුලි කාන්දුවක් යැයි විශ්වාස කෙරෙයි.