ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව ගෙවුණු පැය 24 තුළ ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයන් 276,110ක් වාර්තා වී තිබේ.
ඒ සමග ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 25,772,440ක් දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම ගෙවුණු පැය 24 තුළ වෛරස් ආශ්රිත මරණ 3,874ක් රට තුළ වාර්තා වී ඇති අතර, මේ වනවිට මියගිය සංඛ්‍යාව 287,122කි.
මැයි 19 වැනි දින ඉන්දියාව විසින් කොවිඩ්-19 ආශ්රිත මරණ සංඛ්‍යාව පිළිබඳ නව වාර්තාවක් තැබුවේ, පැය 24ක් තුළ 4,500කට වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා කරමිනි.
අපේ‍්‍රල් 28 සිට රට තුළ දෛනිකව වාර්තා වන මරණ සංඛ්‍යාව 3,000කට වඩා ඉහළ අගයක් ගනී.
ඉන්දියාව විසින් එන්නත් කිරීමේ වැඩසටහන ජනවාරි 16දා ආරම්භ කළ දින සිට එන්නත් මාත්‍රාවන් මිලියන 186.9ක් ලබා දී ඇත. එමෙන්ම ගෙවුණු දිනයේ රට තුළ එන්නත් මාත්‍රාවන් 1,145,569ක් ලබාදී තිබේ.