ඉන්දියාවේ පසුගිය පැය 24 තුළ දෛනික කොවිඩ්-19 ආසාදිතයන් 165,553ක් වාර්තා කර ඇති අතර, එය දින 46ක් තුළ වාර්තා වූ අඩුම ආසාදන සංඛ්‍යාව බව සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙයි.
කෙසේ වෙතත් එම දිනය තුළ වෛරසය ආශ්රිත මරණ 3,460කින් ඉහළ ගොස් තිබේ.
ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව මේ වනවිට මිලියන 27.9ක් වන අතර, මරණ සංඛ්‍යාව 325,972ක් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.