ළඟ එන ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රබල මැතිවරණ ප්‍රචාරණ යාන්ත්‍රණය මෙන්ම, ව්‍යාජ තොරතුරු සමාජගත කිරීම සඳහා යොදාගත හැකි හොඳම වේදිකාව බවට වට්ස්ඇප් සමාජජාල අඩවිය මූලිකත්වය ගෙන තිබේ.
ෆේස්බුක් සමාගමට අයත් වට්ස්ඇප් අඩවිය සම්බන්ධයෙන් මතුව ඇති මෙම තත්ත්වය පිටුදැකීම සඳහා නව සීමා කිරීම් කිහිපයක් හඳුන්වාදීමට කටයුතු කළ බව සඳහන් වුවත්, විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙය වැළැක්විය නොහැකි තරමට ඔඩුදුවා ඇති ප්‍රශ්නයක් බවයි.
පාකිස්තානය වෙත පසුගිය මාසයේ එල්ල කෙරුණු ඉන්දීය ගුවන් ප්‍රහාරය සාර්ථක වූ බව සඳහන් වට්ස්ඇප් පණිවුඩ ගංවතුරක් සේ ගලාඒම ඉන්දීය සමාජය තුළ ජාතිමාමකත්වය ඇති කිරීමට තුඩුදුන් බව නොරහසකි.
මෙම ප්‍රහාරයෙන් ත්රස්තයන් විශාල පිරිසක් මරා දැමීමට හැකි වූ බව ඉන්දීය රජය පවා කියා සිටියත් ඉස්ලාමාබාද් පාලනය එය ප්‍රතික්ෂේප කළේය. එමෙන්ම, අදාළ ඡායාරූප පරීක්ෂා කළ විශේෂඥයන් පවා පවසා තිබුණේ ඒවා පැරණි ඡායාරූප බවයි.
එහිදී, පාකිස්තානය තුළ සිදුවූ මරාගෙන මැරෙන ප්රහාරයක ඡායාරූප, පාකිස්තාන කාශ්මීර ප්‍රදේශයේ සිදුවූ භූමිකම්පාවකින් වූ විනාශය දැක්වෙන ඡායාරූප ආදී වශයෙන් ප්‍රහාරය සම්බන්ධයෙන් ව්‍යාජ ඡායාරූප රැසක් විය.
කෙසේ වෙතත්, මෙම ව්‍යාජ පුවත් වැළැක්වීම සඳහා ෆේස්බුක් සහ වට්ස්ඇප් සමාජජාල මාධ්‍ය දෙකම ලොව පුරා පැවැත්වෙන මැතිවරණ සමයන්හිදී දැඩි පරිශ්රයමක නිරත වන බව නොරහසකි.
නමුත්, ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී, පසුගිය මැතිවරණයට පසුව අන්තර්ජාල භාවිතය ග්‍රාමීය ප්‍රදේශ කරාද දැඩිව ව්‍යාපත වූ පසුබිමක සහ ලොව අන්තර්ජාල දත්ත සඳහා අවම ගාස්තු අය කරන රටක මෙවැනි ව්‍යාජ පුවත් වැළැක්වීම සිතන තරම් පහසු කර්තව්‍යයක් නොවන බව විශේෂඥයෝ පෙන්වා දෙති.