දිල්ලියේ වෙසෙන කාන්තාවක් පසුගිය මාසයේදී ඉන්දියානු පාලනයේ පවතින කාශ්මීරයේ මිතුරෙකුට ලිපියක් ලියා තිබේ.
ඇය පසුගිය ජූලි මාසයේ නිවාඩුවක ඔවුන් බැලීමට ගොස් තිබුණත්, මේ වනවිට ඔවුන්ගෙන් කිසිදු තොරතුරක් සොයාගත නොහැකි තැන ඇය මෙසේ ලිපියක් ලියා ඇත.
"උදාවීමට පෙර රාත්‍රිය අඳුරු ය. උදාව තවම පැමිණ නැත." ඇය එම ලිපියේ සඳහන් කර ඇත. "දරුණු ලෙස බිඳුණු හදවතක් දරන්නෙකු ලෙසිනි" ඇය ලිපිය අවසන් කර ඇත.
මෙවැනි වේදනාවක් සඳහා හේතු වී ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් එම ප්‍රාන්තයට පැවති ස්වයංපාලන අයිතිය ඉවත්කර එහි තත්ත්වය පහත හෙළීමත් සමගනි.
මේ නිසා ඉන්දීය පාලනයේ පවතින කාශ්මීරයේ ජීවත් වන මිලියන 10ක් පමණ ජනතාවක් පසුගිය අගෝස්තු 05දා සිට සම්පූර්ණයෙන්ම ආරක්ෂක අගුලකට යටත් කර ඇති බව කියැවෙයි.
එහිදී, පෙර නොවූ විරූ සන්නිවේදන අවහිරයකින් ඔවුන් හුදකලා වී ඇති අතර, ස්ථාවර දුරකථන, ජංගම දුරකථන සහ අන්තර්ජාලය අත්හිටුවා ඇත.
තම නෑ හිතවතෙකු පිළිබඳ තොරතුරක් සඳහා ආදි යුගයේ මෙන් ලිපියක් ලැබෙන තුරු බලා සිටීමට දැන් ඔවුන්ට සිදුව තිබේ.