ඉන්දියාවේ ගෙවුණු පැය 24 තුළ නව කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 120,529ක් වාර්තා වී ඇති අතර, එය මාස 2ක පමණ කාලයක් තුළ වාර්තා වූ අඩුම දෛනික ආසාදනය වෙයි. කෙසේ වෙතත් මේ සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,86,94,879ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙයි.
නව මරණ 3,380ක් සමග කොවිඩ්-19 ආශ්‍රිතව සිදුවූ මරණ සංඛ්‍යාව 344,082ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, අඛණ්ඩව පස්වැනි දිනටත් සක්‍රීය රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 20ට වඩා අඩුවී ඇති බවද දත්ත පෙන්වා දෙයි.
ඒ අනුව නව දෛනික ආසාදිතයන් දින 58ක් තුළ වාර්තා වූ අඩුම සංඛ්‍යාව මෙය බව අමාත්‍යාංශය පවසයි.
කොවිඩ්-19 අනාවරණය කර ගැනීම සඳහා මෙතෙක් සිදුකර ඇති සමස්ත පරීක්ෂණ 361,174,142ක් වන අතර, සිකුරාදා දින පරීක්ෂණ 2,084,421ක් පවත්වා තිබේ. අඛණ්ඩව 12 වැනි දිනට දෛනික ධනාත්මක අනුපාතය තවදුරටත් 5.78% දක්වා පහත වැටී ඇති අතර, එය 10%ට වඩා අඩුවීම සැලකිය ප්රගතියකි. එමෙන්ම සතිපතා ධනාත්මකතා අනුපාතය 6.89%ක් දක්වා අඩු වී තිබේ.