ඉන්දියාවේ වසංගත තත්ත්වය වඩාත් වේගවත් කළ කොවිඩ්-19 ප්‍රභේදය ලොවපුරා රටවල් 44කින් මේ වනවිට හමුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය පැවසුවේ කොවිඩ්-19 හි B.1.617 ප්‍රභේදය ඔක්තෝබර් මාසයේදී ඉන්දියාවේදී ප්‍රථම වරට සොයාගෙන තිබූ බවයි.
ඒ අනුව මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාප හයේම රටවල් 44කින් මේ වනවිට වෛරසය හඳුනාගෙන ඇති බවත්, එය තවදුරටත් ව්‍යාප්ත විය හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.