ඉන්දියාවේ කොරෝනා වෛරස ව්‍යසනය නරක අතට හැරෙත්ම, නව ආසාදන රැළි දකුණු හා ගිනිකොනදිග ආසියාව පුරා වැඩිවෙමින් පවතින බව නිල දත්ත වාර්තා පෙන්වා දෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය බදාදා ප්‍රකාශ කළේ ගෝලීය ආසාදනවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් ඉන්දියා වාර්තා කර ඇති බවත්, පසුගිය සතිය තුළ වාර්තා වූ මරණවලින් හතරෙන් එකක්ම එරටින් වාර්තා වූ බවත්ය.
නමුත් ඉන්දියාව අවට රටවල, එනම් උතුරින් නේපාලයේ සිට ශ්‍රී ලංකාව දක්වාත්, දකුණින් මාලදිවයින දක්වාත් ආසාදන ඉහළ ගොස් තිබේ.
එය ඉන්දියාවේ අසල්වැසියන් පමණක් නොව, අග්නිදිග ආසියාවේ තායිලන්තය, කාම්බෝජය සහ ඉන්දුනීසියාව යන රටවලද ආසාදන වැඩි කිරීමට තරම් ප්‍රබල කම්පන තරංගයක් ඇති කර තිබේ.
අග්නිදිග ආසියානු කලාපයේ ගෙවුණු සතියේ නව ආසාදිතයන් මිලියන 2.7ක් සහ නව මරණ 25,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එය පෙර සතියට සාපේක්ෂව පිළිවෙලින් 19%ක් සහ 48%කින් ඉහළ ගොස් තිබේ. ඉන්දියාව මේ වනවිට මෙම ඉහළ ප්රවණතාවයේ අතිමහත් බහුතරයට හිමිකම් කියයි.
වෛරසය වේගයෙන් ව්‍යාප්ත වීම මෙම රටවල සෞඛ්‍ය පද්ධති සහ වෛද්‍ය සැපයුම් කෙරෙහි දැවැන්ත පීඩනයක් ඇති කර තිබේ. ගැඹුරු වන අර්බුදය මධ්‍යයේ ඇතැම් රාජ්‍යයන් ජාත්‍යන්තර ආධාර ඉල්ලා සිටියි.
ආසියාව පුරා දිග හැරෙන ඛේදවාචකය නැවැත්වීම සඳහා තවත් බොහෝ දේ කළ යුතු බව ජාත්‍යන්තර රතු කුරුස හා රතු අඩසඳ සංවිධානය බදාදා අනතුරු ඇඟවීය.
"අපි දැන්ම ක්‍රියා කළ යුතුයි. මේ මිනිස් ව්‍යසනය පාලනය කිරීමේ බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට අපි වේගයෙන් ක්‍රියා කළ යුතුයි" යනුවෙන් එම සංවිධානයේ ආසියා-පැසිෆික් කලාපීය අධ්යක්ෂ ඇලෙක්සැන්ඩර් මැතිව් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. "මේ වෛරසයට දේශසීමා කෙරෙහි කිසිදු ගෞරවයක් නැහැ. මේ ප්‍රභේද ආසියාව පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා."