ඉන්දීය මහ මැතිවරණය අතරතුර අගමැති නරේන්ද්‍ර මෝදි එරට ප්‍රකට බොලිවුඩ් තරු තම ඡන්ද ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට යොදා ගනිමින් සිටියි.
පසුගිය අප්‍රේල් 11දා ඉන්දීය මහ මැතිවරණය ආරම්භ වූ අතර, එය ලබන මැයි මස 19 වැනිදා අවසන් වීමට නියමිතය.
ඒ අනුව, පසුගියදා බොලිඩුයේ ජනප්‍රිය නළු අක්ෂේ කුමාර් විසින් අගමැති නරේන්ද්‍ර මෝදි සමග සුහද පිළිසඳරක යෙදෙන වීඩියෝවක් විකාශය කර තිබුණි.
එහිදී, ඔවුන් දේශපාලනය හැර අනෙක් බොහෝ කාරණා කතාබහ කරමින් වඩාත් උපක්‍රමශීලී මැතිවරණ ප්‍රචාරණයක් ලබාගෙන තිබුණි.
එය දිල්ලියේ අගමැති නිල නිවසේදී සිදුකර තිබුණු සම්මුඛ සාකච්ඡාවක් වන අතර, මෙය සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් තොර කතාවක් ලෙස අක්ෂේ කුමාර් හඳුන්වා තිබුණි.
කෙසේ වෙතත්, ලොව දැවැන්තම ප්රජාතන්ත්රවාදී මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණයේදී අගමැති නරේන්ද්‍ර මෝදි වෙත යළිත් වරක් අගමැති ධුරයට පත්වීමට අවස්ථාවක් පවතින බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.