වයස අවුරුදු 12ත් 17ත් අතර ළමයින් සඳහා සීනොවැක් කොවිඩ්-19 මර්දන එන්නත භාවිත කිරීමට ඉන්දුනීසියාව අවසර දී තිබේ.
ඩෙල්ටා ප්‍රභේදය මගින් වර්ධනය කරනලද රෝගී තත්ත්වයන් ඉන්දුනීසියාව තුළ මෑතකදී දක්නට ලැබුණු අතර, එරට තරුණ රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම නිසා මෙසේ සීනොවැක් එන්නත වහාම එම වයස් කාණ්ඩය වෙත ලබාදීමට තීරණය කර ඇත.
එරට ළමයින් අතර කොවිඩ්-19 රෝගීන්ගේ අනුපාතය දැන් 12.5%ක් බව ඉන්දුනීසියානු ළමා රෝග විශේෂඥයන්ගේ සංගමය පවසයි.