මගීන් 189ක් සහ කාර්ය මණ්ඩලය සමග ඉන්දුනීසියාව ආසන්න මුහුදට කඩා වැටුණු ලයන් ඒයාර් යානය සෙවීම සඳහා ඩ්‍රෝන් සහ සෝනාර් තාක්ෂණය යොදා ගනිමින් සිටියි.
ජකාර්තා සිට ගුවන්ගත වූ JT 610 යානය විනාඩි කිහිපයකින් පසුව මෙම අවාසනාවන්ත ඉරණමට ලක්ව තිබූ අතර, මේ වනවිටත් යානයේ සිටි අයගෙන් කිසිවෙකුත් දිවි බේරාගෙන ඇති බවට සාක්ෂියක් හමුවී නොමැත.
කෙසේ වෙතත්, යානය කඩා වැටුණු ඉසව්වේ සාගරයේ පාවෙමින් තිබියදී මගීන්ට අයත් බඩුබාහිරාදියෙහි සුන්බුන් සොයාගැනීමට හැකිවී තිබේ.
යානය කඩා වැටීමේ හේතුව පැහැදිලිව සඳහන් නොවූවත්, බාලි සිට ජකාර්තාව වෙත යානය පියාසර කිරීමේදී එය යම් තාක්ෂණික දෝෂයක් පැවති බවට ලොග් සටහන්වල පැවති බව කියැවෙයි.
කෙසේ වෙතත්, ලයන් එයාර් ප්‍රධාන විධායක එඩ්වර්ඩ් සිරාටි පවසා සිටියේ යානය ගුවන්ගත වීමට පෙර ඊට අවශ්‍ය අලුත්වැඩියාවන් නිවැරදිව සිදුකළ බවයි.