ඉන්දුනීසියාවේ පසුගිය මස පැවති මැතිවරණයෙන් හිටපු ජනපති ජෝකෝ විඩෝඩෝ යළිත් වරක් බලයට පත්ව ඇති බව එරට මැතිවරණ බලධාරීන් පවසයි.
ප්රතිඵල ප්රමාදවීම හේතුවෙන් පැවති මතභේදකාරී තත්ත්වය සමග අද (21දා) උදෑසන ප්රතිඵල නිකුත් කිරීමට ඔවුන් කටයුතු කර තිබේ.
ප්රතිඵල නිකුත් කිරීමත් සමග ජකාර්තා අගනුවර ආරක්ෂාව සඳහා 32,000ක පමණ ආරක්ෂක බලඇණියක් යොදවා තිබූ බවද කියැවෙයි.
වත්මන් ජනපති සමග තරග කළ 67 හැවිරිදි ප්රබෝවෝ ප්රතිඵලය සම්බන්ධයෙන් සෑහීමකට පත්වීමක් හෝ ඊට එරෙහිව නැගී සිටීමක් මෙතෙක් ප්රකාශයට පත්කර නැත.
කෙසේ වෙතත්, මෙවර මැතිවණය තුළදීද ඉන්දුනීසියාවේ ඉස්ලාමීය දැඩිමතධාරීන් විසින් මැතිවරණ ප්රතිඵල කෙරෙහි යම් බලපෑමක් කරමින් තිබුණද, සාධාරණ මැතිවරණයක් පැවති බව විදෙස් නිරීක්ෂකයෝ පවසා තිබුණි.