ඉන්දුනීසියාවේ, සුලවේසි දූපතේ ගොවිපොළක ඇති දැඩිකළ දැවැන්ත කිඹුලෙකු විසින් කාන්තාවක මරා දමා තිබේ.
ඩීස් ටූවෝ නමැති 44 හැවිදි කාන්තාව මෙම කිඹුලාට ආහාර ලබාදෙමින් සිටියදී ඌ ඇයව ඩැහැගෙන ඇති අතර, මෙම ගොවිපොළෙහි මෙම මෙම කිඹුලා අනවසරයෙන් තබාගෙන සිට ඇති බවද අනාවරණය වෙයි.
කිලෝග්රෑම් 700ක් පමණ බරින් යුතු මෙම කිඹුලාට මේරි යන නම ලබාදී තිබූ අතර, කිඹුලා විසින් මෙම කාන්තාවගේ එක් අතක් සහ ඇගේ උදරයෙන් විශාල කොටසක් කඩාගෙන තිබුණු බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
මෙම සිදුවීමෙන් පසුව අදාළ ස්ථානය පරීක්ෂා කළ බලධාරීන් විසින් මෙම කිඹුලා රක්ෂිත පරිසරයක් වෙත මුදාහැරීම සඳහා කටයුතු කර ඇත.
මියගිය කාන්තාව එම ගොවිපොළෙහි රසායනාගාරයක සේවය කර ඇති අතර, ඇය කිඹුලාට ආහාර ලබාදෙමින් සිටියදී එම කූඩුවට වැටීමෙන් මෙම මරණය සිදුව ඇත.