ඉන්දුනිසියාවේ සුලවෙසි දූපත ආශ්‍රිතව ඇති වූ දරුණු භූ කම්පනයෙන් සහ සුනාමි ව්‍යසනයෙන් මියගිය වැසියන්ගේ දේහයන් සමූහ වශයෙන් ආදාහනය කිරීම ස්වෙච්ඡා සේවකයන් විසින් ආරම්භ කර තිබේ.
රජයේ දත්ත පෙන්වාදෙන පරිදි මෙම ස්වභාවික විපතින් මියගිය පිරිස 844කි. කෙසේ වෙතත්, සුන්බුන් අතර තවදුරටත් අතුරුදන්වූවන් සිටිය හැකි නිසා මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එමෙන්ම, භූ කම්පනය සහ සුනාමිය ඇති වී දින හතරක කාලයක් ගත වුවද, ඉන්දුනීසියාවේ ඇතැම් ග්‍රාමීය පළාත් වෙත තවමත් කිසිවෙකුට ළඟාවීමට පවා නොහැකි වී ඇති බව සඳහන් වෙයි.
විශේෂයෙන්ම, භූ කම්පනයෙන් දැඩි හානි සිදුවූ පාලු සහ ඩොන්ගාලා ප්‍රදේශ මෙන්ම, තාලිස් වෙරළ කලාපය තුළ මහා විනාශයක් සිදුව ඇතැයි විදෙස් වාර්තා පවසයි.
විශාල යන්ත්‍රෝපකරණ නොමැති වීමෙන් කොන්ක්‍රීට් තට්ටුවලට යටවී සිටින පිරිස් බේරාගැනීම අතිශය දුෂ්කර කටයුත්තක් බවට පත්ව තිබේ.
මේ අතර, භූ කම්පනය අවස්ථාවේදී ආසන්න සිර කඳවුරක සිටි රැඳවියන් 1,200ක් පමණ දෙනා පැනගොස් ඇති බවද ඉන්දුනීසියා රජය පවසයි.
එමෙන්ම, ජාත්‍යන්තරයේ සහාය සාදරයෙන් පිළිගන්නා බව එරට ජනපති ජොකෝ විඩෝඩො පවසා තිබේ.