ඉන්දුනීසියාවේ සුලවේසි දූපත ආශ්‍රිතව ඇති වූ භූ කම්පනය සහ සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස 832ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
මුලින් සඳහන් කළ තොරතුරුවලට වඩා මේ වනවිට සිද්ධියෙන් වූ හානිය වඩාත් දරුණු බව බලධාරීහු පවසති.
රික්ටර් පරිමාණ 7.5ක භූ කම්පනය හේතුවෙන් වඩාත් හානියට පත් ප්‍රදේශය පාලූ ලෙස සැලකෙන අතර, කලින් සඳහන් කළ මීටර් 2ක උදම් රළ මීටර් 6ක් උසට එම ප්‍රදේශයට පැමිණ ඇති බවද මේ වනවිට වාර්තා වෙයි.
මේ අතර, සිද්ධියෙන් තවත් 500කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර, අතුරුදන් වූ පිරිස් සොයා සිදුකරන මෙහෙයුම්ද කඩිනම් කර තිබේ.
මුස්ලිම් පල්ලි ඇතුළු ගොඩනැගිලි රැසක් සුන්බුන් බවට පත්ව ඇති අතර, එරට ආපදා කණ්ඩායම් පෙන්වා දෙන්නේ කඩා වැටුණු ගොඩනැගිලිවල කොන්ක්‍රීට් තට්ටු ඉවත් කිරීමට විශාල යන්ත්‍ර සූත්‍ර අවශ්‍යව ඇති බවයි.
මේ අතර සිද්ධියෙන් තවත් හානියට පත් නගරයක් වන ඩොන්ග්ලා නගරයේ සැබෑ තත්ත්වය පිළිබඳ නිවැරදි තොරතුරක් මෙතෙක් ලැබී නොමැති බවත් බලධාරීහු පවසති.
රතු කුරුස සංවිධානය පෙන්වා දෙන්නේ මිලියන 1.6ක පමණ ජනතාවකට මෙම භූ කම්පනය සෘජුවම බලපා ඇති බවයි.
මේ අතර, ප්‍රධාන භූ කම්පනයෙන් පසුව තවත් පසු කම්පන රැසක් මෙම ප්‍රදේශ ආශ්‍රිතව ඇති වී තිබෙන නිසා කඳවුරුවල සිටින ජනතාව දැඩි භීතියට පත්ව ඇති බවද විදෙස් වර්තා පෙන්වා දෙයි.