උතුරුදිග ඉතාලියේ සීනේ නගරයේ නගරාධිපති ජියෝජිඕ වැලෝටි කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
70 වැනි වියෙහි පසුවූ නගරාධිපතිවරයා ඉතාලියේ කොවිඩ්-19 වසංගතයෙන් බලවත්ම පීඩාවට පත් කලාපයක් වන ලොම්බාර්ඩි, බෙර්ගාමෝ ආශ්රිත නගරයකි.
ඔහු පසුගිය මාර්තු 07දා රෝහල්ගත කර තිබුණේ වෛරසය වැළඳී ඇති බවට පරීක්ෂණ මගින් තහවුරු කරගැනීමෙන් අනතුරුවය.
ඔහුගේ පෙනහළුවලට වෛරසය ඉතා බලවත් ලෙස ආසාදය වීම හේතුවෙන් ඔහු රෝහලේදීම ජීවිතක්ෂයට පත්ව තිබුණි.