යුරෝපයේ ඉතාලියද නව කොරෝනා වෛරසයට ගොදුරුවීම හේතුවෙන් එරට තුළ මෙම වසංගතය පිටුදැකීම සඳහා දැඩි පියවර රැසක් හඳුන්වා දී තිබේ.
සෙනසුරාදා දිනය අවසන් වනවිට එරටින් නව කොරෝනා ආසාදිතයන් 79 දෙනෙකු වාර්තා වීමත් සමග ඉතාලි අගමැති ගියුසෙප් කොන්ටේ මෙම හදිසි අවස්ථා සැලසුම් අනාවරණය කළේය.
විශේෂයෙන්ම වෛරසයට ගොදුරුවූවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමග මේ සම්බන්ධයෙන් ඉතාලි අගමැතිවරයාගේ අවධානය වැඩි වී ඇත.
මෙම සැලසුම යටතේ උතුරුදිග කලාපයේ ලැම්බාර්ඩි සහ වෙනෙට්ටෝ යන නගර ඇතුළු නගර රැසක් නිරෝධායනයට ලක්කිරීමට තීරණය කර ඇත.
එහිදී මෙම නගරවල ජීවත් වන 50,000කට ආසන්න ජනතාවට සිය නිවෙස්වලින් බැර නොවී නිවෙස් තුළටම වී රැඳී සිටින ලෙසටද බලධාරීන් උපදෙස් ලබාදී තිබේ.