ඉතාලිය සිය ජනතාවගෙන් හතරෙන් එකක් නිරෝධායන ක්‍රියාවලියට නතු කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සිය ස්තූතිය පුදකර තිබේ.
රෝගය නිවාරණය වෙනුවෙන් මෙය ඉතාලිය ගත් සැබෑ කැපකිරීමක් බවට ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ප්‍රශංසා කර ඇත.
නව කොරෝනා වෛරසය මැඬපැවැත්වීම වෙනුවෙන් ඉතාලිය ගෙන ඇති දැඩි ක්‍රියාමාර්ග සමග එරට මිලියන 16කට අධික ජනනාවක් මේ ආකාරයෙන් නිරෝධායනයට ලක්කර ඇති බව කියයි.
කොරෝනා වෛරසය පැතිරීම මන්දගාමී කිරීම සහ ඔවුන්ගේ රට සහ ලෝකය ආරක්ෂා කිරීම අරමුණු කර ගනිමින් රජය සහ ඉතාලියේ ජනතාව නිර්භීත, ධෛර්ය සම්පන්න පියවර ගනිමින් සිටින බව ගෙබ්‍රෙයිසස් වැඩිදුරටත් පවසා තිබේ.
"ඔවුන් අවංක පරිත්‍යාගයන් කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඉතාලියට සහයෝගය දක්වන අතර ඔබට දිගටම සහයෝගය දැක්වීමට කටයුතු කරනවා." යැයි ඔහු වැඩිදුරටත් සිය ට්විටර් පණිවුඩයෙන් පවසා ඇත.