ඉතාලියේ හමුදාවේ මාණ්ඩලික ප්රධානී ජෙනරාල් සැල්වෝටෝර් ෆරීනා හට නව කොරෝනා වෛරසය වැළඳී ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.
කෙසේ වෙතත් ජෙනරාල් ෆරීනා පැවසුවේ තමන්ගේ තත්ත්වය යහපත් බවත්, තමා හුදෙකලා ස්ථානයක ආරක්ෂිතව ප්රතිකාර ලබන බවත්ය.
"මෙම හදිසි අවස්ථාව හමුවේ කටයුතු කරන හමුදාවේ කාන්තාවන්ට සහ පුරුෂයන්ට මම උණුසුම් සුබ පැතුම් හා හෘදයාංගම ස්තූතිය පුද කරනවා." ඔහු සඳහන් කර ඇත.