ඉතියෝපියානු ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා ජනපතිනියක් ලෙස බලයට පැමිණි සහලේ වර්ක් සව්ඩේ පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු බව විදෙස් වාර්තා පවසයි.
මේ වනවිට අප්‍රිකානු රටවල සිටින එකම රාජ්‍ය නායිකාවද වන ඇයට මෙම අවස්ථාව හිමිවන විට නව අග්‍රාමාත්‍ය අබියි අහ්මද් විසින් මීට සතියකට පෙර පත්කළ නව කැබිනට් මණ්ඩලයෙන් අඩක්ද කාන්තාවන් වීම විශේෂත්වයකි.
ඇය සිය තනතුරේ දිව්රුම්දීමෙන් අනතුරුව පවසා සිටියේ ඉතියෝපියාව තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඇති කිරීමට කටයුතු කරන බවය.
"සියලු මව්වරුන්ගේ නාමයෙන්, අපේ රටේ සාමය රැකගන්න කටයුතු කරන්න කියා මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. සාමය නැති වුණොත් මුලින්ම දුක් විඳින්නේ ඔබේ මවයි" යැයි ඇය පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.
ඉතියෝපියාවේ හිටපු ජනාධිපති මුලාටු ටෙෂෝම් බලාපොරොත්තු නොවූ අවස්ථාවක සිය තනතුරෙන් ඉල්ලා අස් වූ අතර, ඒ සමගම පැවැත්වූ පාර්ලිමේන්තු සාමාජිකයන්ගේ ඡන්ද විමසීමකින් අනතුරුව සහලේ-වර්ක් සව්ඩේ ජනාධිපති තනතුරට තේරී පත් වූවාය.
කෙසේ වෙතත්, ඉතියෝපියානු ව්‍යවස්ථාවට අනුව දේශපාලන බලය ඇත්තේ අග්‍රාමාත්‍යවරයාට වන අතර, ජනාධිපති යනු ගෞරවනීය තනතුරක් පමණි.